කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යළි ආරම්භ කෙරෙනවා.
ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන හෙට සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙනු ඇති.
කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක ඇතුළු සෙසු දිස්ත්‍රික්ක වල සාමාන්‍ය පරිදි රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
ඒ අනුව ජනතාවට දින 52 ක් නිවෙස්වලටම සිමා වීමට සිදු වුණා.
මේ කාලය තුළ සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරිම, පමණක් නොව රාමසාන් උපවාස පවා වෙනදා මෙන් සිදුකිරිමට ජනතාවට අවස්ථාව හිමි වුයේ නැහැ.
හෙට සිට විවෘත කෙරෙන ආයතන වල සේවකයින් කොපමණ සංඛ්‍යාවක් කැඳවන්නේද හා ඒ කවුරුන්ද යන්න පිළිබඳව ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතුයි.
හැකිතාක් දුරට අදාළ ආයතන පිහිටි දිස්ත්‍රික්කය තුල පදිංචි සේවකයින් කැඳවිමට ආයතන ප්‍රධානියා වගබලාගත යුතුයි.
එසේ වුවද අවශ්‍යතාවය මත දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින්ද සේවයට කැඳවිමට හැකියාව පවතිනවා.
රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින්ට සිය සේවා ස්ථානවලට පැමිණීම සඳහා හෙට සිට පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මකයි.
ඒ අනුව බෙලිඅත්ත, නුවර, අවිස්සාවේල්ල,මහව,සහ හලාවත සිට දුම්රිය 10ක් හෙට සිට කොළඹට පැමිණීමට නියමිතයි.
රජයේ සේවකයින් සිය පෞද්ගලික වාහනවලින් හෝ ආයතන වාහන මගින් කාර්යාලවලට පැමිණෙන්නේ නම් උදෑසන 8.30 ට පෙර සේවා ස්ථානයට පැමිණිය යුතුයි.
පස්වරු 3 ත් 4 ත් අතර කාලය තුළ නැවත එම රථ පිටත්ව යා යුතු වනවා.
එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් පැමිණෙන වාහන ද උදෑසන 8.30 ත් 10 ත් අතර කාලය තුළ ආයතනයට පැමිණිය යුතු අතර සවස 4 ත් 5 අතර කාලය තුළ නැවත පිටත්ව යා යුතුයි.
කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා එම වේලාවන් අදාළ වන්නේ නැහැ.
මේ අතර හෙට සිට ත්‍රිරෝද රථ ධාවනයට ද අවස්ථාව හිමිවන අතර එහි උපරිම ගමන් කළ හැක්කේ රියදුරු හැර වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි.
එමෙන්ම කුලී කාර් රථ සඳහා ද අවසර ලබා දෙන අතර රියදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනෙකුට එක් රථයක ගමන් කිරිමට හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් හෙට සිට සති දෙකක් යන තෙක් සාමාන්‍ය ජනතාව සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසිමෙන් වලකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් දි තිබෙනවා.
හෙට දිනයේ සිට අධිවේගි මාර්ග ද සාමාන්‍ය පරිදි යළි විවෘත වෙයි.
නමුත්, ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රක්කවල අධිවේගී මාර්ගවලට රථවාහන ඇතුල් කිරිම හා පිටකිරිම සිදුකෙරෙන්නේ, පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේයි.
මේ අතර අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයෙන සහ ආහාර ද්‍රව්‍ය, භාණ්ඩ අලෙවි කරනු ලබන තොග සහ සිල්ලර වෙළඳසැල් හෙට (11) සිට විවෘත කිරිමට අවසර හිමිවනවා.
ඒ යටතේ ෆාමසි, ග්‍රොසරි, දුරකථන අලෙවිසැල්, රෙදි පිළි අලෙවිසැල් විවෘත කිරිම සඳහා ද අවසර හිමිවනු ඇති.
කෙසේ වෙතත් කුඩා ආපනශාලා, ආහාර ලබාදෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.
සංචාරක හෝටල් විවෘත කිරිමට අවසර හිමි වුවත් එම හෝටල්වල රෙස්ටුරන්ට් විවෘත කිරිම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවනු ඇති.
අවසර ලබා දි ඇති ආහාර බෙදාහැරිමේ සේවා ආයතන සඳහා තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යා හැකි අතර සුපිරි වෙළඳ සැල්ද විවෘත කිරිමට හැකිවනවා.
හෙට සිට විවෘත කෙරෙන සැලුන් සහ රූපලාවන්‍යාගාරද පවත්වාගෙන යා යුත්තේ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරින්ගේ සහතිකයක් ලබා ගැනිමෙන් අනතුරුවයි.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට ද හෙට සිටි හැකියාව පවතිනවා.
මේ අතර කොළඹ මැනිං වෙළඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකියි.
ඒ අතර සතිපොළ, දින පොළ ආදි සමුහ වශයෙන් වෙළඳාම් සිදුවන ස්ථාන සහ මහජනතාව බහුලව ගැවසෙන සමුහ වෙළඳපොළ නැවත දැනුම්දෙන තුරු විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.
එමෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා , ඔට්ටු ඇල්ලිමේ මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.
මේ අතර සාමාන්‍ය ජනතාව වෙළඳසැල් වෙතින් භාණ්ඩ හා සේවා ලබාගත යුත්තේ තම නිවසට ආසන්නතම ස්ථානයෙන් පමණයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම, අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගැනිම හෝ ඖෂධ මිලදි ගැනිම සඳහා පමණක් මෙලෙස තම නිවාසවලින් බැහැරව යායුතු වනවා.
එසේ යා හැක්කේ ද ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි.
ඒ අනුව අවසන් අංකය 1 සහ 2 නම් සඳුදාත් , 3 සහ 4 නම් අඟහරුවාදා, 5 සහ 6 බදාදා, 7 සහ 8 බ්‍රහස්පතින්දාත්, 9 සහ 0 සිකුරාදාත් වශයෙන් බැහැරට යෑමේ හැකියාව පවතිනවා.
මෙම ක්‍රමවේදය අනුව බැහැරව යන තැනැත්තන්ට වාහනවලින් ගමන් කිරිමට අවසර හිමි වන්නේ නැහැ.
ඒ අනුව ඔවුන් පාගමනින් ළඟම පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට හෝ වෙළඳසැල වෙත ගමන් කළ යුතුයි.
මේ අතර මහජන අවශ්‍යතා සඳහා ඇඳිරි නිති බලපත්‍ර ලද පුද්ගලික වාහන සඳහා පෙරවරු 10.30 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ ගමන් කිරිමට අවස්ථාව හිමි වනවා.
කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගැනුණද කොළඹ, ගම්පහ, දිස්ත්‍රික්ක සඳහා පැනවු ඇඳිරි නිතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.
එම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලෙහි හෙට අලුයම 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනවා.
එම දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවෙන්නේ දෛනිකව රාත්‍රි 8 සිට අලුයම 5 දක්වායි.