News Line| Off Air
Generic placeholder image

May
11

මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

1108 Views


මත්පැන් පෝලිම් නිසා කොරෝනා ආසාධිතයින් ඉහළ යන තමිල්නාඩුව

ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප‍්‍රමාණයක් සිටින ප‍්‍රාන්ත අතරින් තමිල්නාඩු ප‍්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා.

මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම මාධ්‍ය වාර්තා කළා.

ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ.

අද වන විට ඉන්දියාවේ සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 62,939 ක් වන අතර මරණ 2109 ක් සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post