News Line| Off Air
Generic placeholder image

May
12

පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව චක්‍රලේඛයක්

3296 Views


පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව චක්‍රලේඛයක්

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිශ්‍ර පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය කළ බව සදහන්.

ඒ අනුව, සියලුම පළාත්, කලාප සහ ආයතන මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සක්‍රීයව පවත්වා ගනිමින් අදාළ ආයතන පරිශ්‍රයන්හි සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගත යුතු බව අවධාරණය කර තිබෙනවා.

එහිදී සපුරාලිය යුතු අංග කිහිපයක් පහතින්.

සෑම පාසලකම/ අධ්‍යන ආයතනයකම පිවිසුම් ගේට්ටු සහ පිටවන ස්ථාන, පන්ති කාමර පරිශ්‍රයන්හි සහ වැසිකිලි පද්ධති ආශ්‍රිතව අත් සේදීමේ පහසුකම් සකස් කිරීම, අඛණ්ඩ ජල සැපයුම සඳහා පහසුකම් සම්පාදනය කරගැනීම, දැනට වෙනත් කාර්යයන් සඳහා පාසල හෝ ආයතන යොදාගෙන ඇත්නම් පාසල් ආරම්භයට දින තුනකට පෙර එම කාර්යයන් අවසන් කිරීම, ආයතන පරිශ්‍රයන් පිරිසිදු කිරීම, සියලු ස්ථානවල විෂබීජහරණයට පියවර ගැනීම, ආයතන සහ පාසල් ආරම්භයෙන් පසු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන අයවලුන් වෙනුවෙන් ගිලන් කාමරයක් පවත්වා ගැනීම, කාර්ය මණ්ඩල දැනුවත් කිරීම සහ අදාළ වගකීම් පැවරීම, දෙමව්පියන්, පාසල් ප්‍රජාව සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම, පුද්ගල හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කිරීම, අපද්‍රව්‍ය අපහරණය හා පරිසරය පිරිසිදු කිරීම, මානසික සෞඛ්‍ය හා මනෝ සමාජයීය අවශ්‍යතා පිළිබඳ නිසි අවධානය යොමු කිරීම ඇතුළු උපදෙස් රැසක් මෙම චක්‍රලේඛය සමඟ සියලු පළාත්, කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ අනෙකුත් අධ්‍යයන ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරනු ලබන මෙම චක්‍රලේඛයෙහි සහ ඊට සමගාමීව නිකුත් කරනු ලබන උපදෙස් සංග්‍රහයෙහි අන්තර්ගත කොට තිබෙනවා.

සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සියල්ල නිවැරදිව අනුගමනය කරමින් සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ඇතුළු අනිකුත් සියලු අධ්‍යයන ආයතනයන්හි සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ පූර්ණ තහවුරුවකින් පසු අදාළ ආයතන සහ පාසල් විවෘත කිරීමේ තීරණය ගන්නා බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post