ඊයේ(12) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 366 ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.