News Line| Off Air
Generic placeholder image

May
13

තෝරාගත් ගමනාන්ත කිහිපයකට අද සිට ගුවන් ගමන් ඇරඹේ

3286 Views


තෝරාගත් ගමනාන්ත කිහිපයකට අද සිට ගුවන් ගමන් ඇරඹේ

රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ලෝකයේ ආර්ථික කටයුතු නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යළි ගුවන් ගමන් අද සිට ආරම්භ වේ.

ඒ අනුව අදාළ රටේ සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා ආරම්භ කරමින්, ලන්ඩන්, ටෝකියෝ (නාරිටා) මෙල්බර්න් සහ හොංකොං යන ගමනාන්ත වෙත සේවා සැපයෙනු ඇති.

වර්තමානයේ බොහෝ රජයන් විදේශයන්හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලිවල නිරවද්‍යතාවය සහ නිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසර දී තිබේ.

අද සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බට සංචාරය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි, ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය.

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ භාණ්ඩ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

සතිපතා ගුවන් ගමන් තුනක් ඇතුළත් වන අතර, චෙන්නායි, හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු (කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙකක් හා මුම්බායි, කරච්චි, ලාහෝර්, ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ (නාරිටා) වෙත සතිපතා ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති.

ලන්ඩන්, ටෝකියෝ (නාරිටා), මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් ගමන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කෙරේ.

මෙම නව ගුවන් ගමන් භාවිත කරමින් සංචාරය කිරීමට කැමති මගීන්ට දැනුම් දෙන්නේ එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මත පදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික විය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post