News Line| Off Air
Generic placeholder image

May
13

ට්‍රම්ප්ගේ මරණ ඔරලෝසුව

1145 Views


ට්‍රම්ප්ගේ මරණ ඔරලෝසුව

කොවිඩ් – 19 වෛරසයෙන් මේ වන විට ලොව වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් ඊයේ මරණ 1,008 ක් වාර්තා වුණි. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 81,795 ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ එරටින් ආසාදිතයන් දහ අටදහස් එකසිය අනූහයක් වාර්තා වීමත් සමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අසූපන්දහස ඉක්මවා ගොස් තිබේ.

මේ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන යූජින් ජැරෙකි විසින් ටයිම්ස් චතුරස්‍රයේ ගොඩනැඟිල්ලක “ට්‍රම්ප්ගේ මරණ ඔරලෝසුව” යනුවෙන් නම්කර ඇති දැවැන්ත පුවරුවක් ප්‍රදර්ශනය කර ඇත.

වෛරස ව්‍යාප්ති සීමා පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කඩිනම් වූයේ නම් වළක්වාගත හැකිවේ යැයි ගණනය කර ඇති මරණ සංඛ්‍යාව එහි දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post