News Line| Off Air
Generic placeholder image

May
13

සහරාන්ගේ දේශනවලට සහභාගී වූ ළමුන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් දෙයි

570 Views


සහරාන්ගේ දේශනවලට සහභාගී වූ ළමුන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් දෙයි

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් විසින් පැවැත්වු අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම පිළිබඳ දේශන හා ගිනි අවි භාවිත කිරීම පිළිබඳ දේශනවලට සහභාගී වු බව කියන බාලවයස්කාර ළමුන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඔවුන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ පැය 04කට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශය ලබාදුන් බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත ප්‍රකාශ ලබාදිය යුතු බවට අදාළ බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනාගේ මව්පියන් විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් සිදුකර තිබු අතර ඒ පිළිබඳ එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව අධිකරණයේ අවසර ඇතිව ඔවුන් දෙදෙනා ඊයේ අධිකරණයට කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත් බව අප වාර්තාකරු පැවසුවේය.

පෞද්ගලික නීතීඥවරුන් මාර්ගයෙන් විනිසුරු නිල මැදිරියේදී මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනි සිටි වයස අවුරුදු 14ක් සහ අවුරුදු 08ක් වන එම පිරිමි ළමුන් දෙදෙනාගෙන් ද්‍රවිඩ භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව ප්‍රකාශ සටහන් කරගැනීමට පියවර ගෙන තිබුණි.

මෙහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එවැනි අන්තවාදී දේශනවලට සහභාගී වූ බව කියන පිරිමි ළමුන් 16 දෙනෙකුගෙන් තම දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

කෙසේවෙතත් ඒ අතරින් 14 දෙනෙකුගේ මව්පියන්ගෙන් කිසියම් සංවිධානාත්මක පිරිසක් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි සදහන් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post