ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වෛරසය වැළදී සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මාරියා බ‍්‍රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113 ක්.
ඇයට කොවිඩ් 19 වැළදී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවයි.
නමුත් සති කිහිපයක් ස්වයං හුදකළා වීමෙන් පසු ඇය සුවය ලබා ඇති අතර ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්‍ෂණ බව වෛද්‍යවරු පවසා තිබෙනවා.
මාරියා 1918 – 1919 කාලයේ ඇති වූ උණ වසංගතයටද 1936 – 1939 ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයටද කොරෝනා වසංගතයටද සාර්ථකව මුහුණ දුන් කාන්තාවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.



