News Line| Off Air
Generic placeholder image

May
14

එංගලන්තයෙන් ගෙනා අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනයට පියවර

548 Views


එංගලන්තයෙන් ගෙනා අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනයට පියවර

පසුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. එම අපද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා වරාය පරිශ්‍රය හා කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්‍රයක ගබඩා කර තිබිණ.

එංගලන්තයෙන් මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීමේ ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ගත් අධිකරණ ක්‍රියාමාර්ගයට අදාළව අභියාචනාධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුවට අනුව මෙම අපද්‍රව්‍ය තොගය ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ය.

මෙම පාරිසරික ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය හා විදේශීය ආයතන සමග මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ලෙස ද අවශ්‍ය ගිවිසුම්ගත වීම් සිදු කිරීමට සහ ඊට අදාළ නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ද එම අධිකාරිය පියවර ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post