News Line| Off Air
Generic placeholder image

May
14

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව අනාවරණය කරයි

908 Views


කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව අනාවරණය කරයි

කොරෝනා වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුව නොමැති බව සෞඛ්‍ය බලධාරීන් සහ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් 19 විශේෂ කි‍්‍රයාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටු රැස්වීමේදී අනාවරණය කර තිබෙනවා.

එම කමිටුව අද පෙරවරුවේ 7 වන වරටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්වුණා.

ක‍්‍රමයෙන් රට විවෘත වීමත් සමග වෛරසය පැතිර යාම පාලනයට පනවා ඇති නීති රීති වලට ජනතාව අනුගත වන්නේ ද නැද්ද යන්න පිලිබදව ප‍්‍රාදේශීය මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා.

එමෙන්ම සෞඛ්‍ය උපදෙස් කඩ කරන පුද්ගලයින් වෙනුවෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බවද අමාත්‍යවරිය පැවසුවා.

මේ අතර සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සහන දීමනා දෙවන අදියර ලබන 18 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය සමෘද්ධි නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පළමු අදියරයේදී සිදු වූ අතපසුවීම් කිසිවක් දෙවන අදියරයේදී සිදු නොවීමට වගබලා ගන්නා ලෙසද සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post