සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (14) දිනයේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින්.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි