අද (16) පස්වරු 04.00 වන විට කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වන විට ආසාදිතයින් 407 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.