News Line| Off Air
Generic placeholder image

May
16

ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණයක්

1375 Views


ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණයක්

ලබන මස 3 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉතාලියේ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා . මාස දෙකකට අධික කාලයක් සම්පුර්ණයෙන් අක්‍රීය කර තිබූ ඉතාලිය සංචරණ සීමා ලිහිල් කිරීම එරට ආර්ථිකය යලි පන ගැන්වීමේ දැවැන්ත පියවරක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව ජුනි මස 3 වනදා සිට ඉතාලි ජාතිකයන්ට විදෙස් සංචාර සඳහා ද අවස්ථාව හිමිවන අතර විදේශිකයන්ට ද රට තුළට ඇතුළු වීමට අවසර හිමිවනු ඇති.ඉතාලිය පසුගිය 4 වනදා සිට කර්මාන්තශාලා සහ උද්‍යාන විවෘතකිරීමට පියවර ගත් බව විදෙස් වාර්තා සදහන් කළේය.

කොරෝනා වෛරසය හේතුවෙන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් මියගිය රටක් ලෙස ඉතාලිය සැලකෙයි.එහෙත් පසුගිය දින කිහිපය තුළ එරටින් ආසාදිතයින් හදුනාගැනීම සහ මරණ සංඛ්‍යාව පහත වැටී තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post