News Line| Off Air
Generic placeholder image

May
17

අද කාලගුණය

514 Views


අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්ල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි.

අම්ෆන් නමින් හඳුන්වා ඇති මෙම සුළි කුණාටුව ඊයේ(16) පස්වරු 5.30 වන විට ත්‍රීකුණාමලය සිට ඊසාන දෙසින් කි‍‍ලෝමීටර 620 ක් පමණ උතුරු අක්ෂාංශ 10.9 ත් නැගෙනහිර දේශාංශ 86.3 ත් අතර ස්ථානගතව තිබී ඇත.

හෙට(18) උදෑසන වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වේ යැයි කාලගුණ අංශ අනුමාන කරයි.

මෙය අද දිනයේ දී උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 වන දා සිට 20 වෙනිදා දක්වා උතුරට බරව ඊශාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.

දිවයින පුරා ‍සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 ත් අතර වෙයි.

පුත්තලම සිට ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ත් අතර වෙයි.

මන්නාරම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු එළ මීටර 2 ක් පමණ ය ඉහළ යා හැකියි.

මුහුදු රළ ‍ගොඩබිමට පැමිණිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


News Articles
Latest Videos
Most Popular Post