කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ගෙන ඇති තීරණ එරට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් යළිත් වරක් විවේචනයට ලක් කර තිබෙනවා.
මීට දින කිහිපයකට ද පෙර ද හිටපු ජනාධිපතිවරයා වත්මන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනයට ලක් කර තිබුණා.
උපාධිධාරී සිසුන් පිරිසක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ අමතමින් බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ බොහෝ නිලධාරීන් තම වගකීම පවා හඳුනාගෙන නොමැති බවයි.
කොවිඩ් නයින්ටීන් වසංගතය රට තුළ ව්‍යාප්තවීමට නායකත්වයේ අසමත්වීම් බලපා ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්තවූ රට ලෙස අමෙරිකාව පත්ව තිබෙනවා.