News Line| Off Air
Generic placeholder image

May
17

කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

753 Views


කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක තොගයක් සමඟ පුද්ගලයෙකු ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය ‍නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 160 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක තොගයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post