News Line| Off Air
Generic placeholder image

May
18

ශ්‍රී ලංකාවේ තියන ක්‍රීඩාපිටි ටික හරියට පාවිච්චි කරලා ඉන්න – මහේලගෙන් ඇමති බන්දුලට අප්‍රසාදය

2219 Views


ශ්‍රී ලංකාවේ තියන ක්‍රීඩාපිටි ටික හරියට පාවිච්චි කරලා ඉන්න – මහේලගෙන් ඇමති බන්දුලට අප්‍රසාදය

හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට පවතින කී‍්‍රඩාගණවලදී ද ශී‍්‍ර ලංකාව ප‍්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරග කී‍්‍රඩා නොකරන බවයි.

හෝමාගම ප‍්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාගණය ආසන 60,000කින් සමන්විතයි.2024 වසරේදී ඉදි කිරීමී අවසන් කිරීමට සැලසුම් කර ඇති මෙහි ඉදිකිරිම් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 30 ත් 40ත් අතර මුදලක් වැයවෙනු ඇති බවයි සදහන් වෙන්නේ. කෙසේවෙතත්, මෙම ක්‍රීඩාංගනය ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සතු මුදල්වලින් පමණක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි අමත්‍යවරයා පෙන්වාදී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post