News Line| Off Air
Generic placeholder image

May
18

අයහපත් කාලගුණයෙන් සිදු වූ විදුලිය බිඳ වැටීම් 50000ක් යථා තත්ත්වයට

743 Views


අයහපත් කාලගුණයෙන් සිදු වූ  විදුලිය බිඳ වැටීම් 50000ක් යථා තත්ත්වයට

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
\ම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබේ.

මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා තත්ත්වයට පත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා විදුලි මණ්ඩලයට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා විසින් අද දින (18) උදෑසන මේ සම්බන්ධව විදුලි බල මණ්ඩලයෙන් කරුණු විමසා ඇති අතර, එහිදී ඊයේ සවස් කාලයේ දී මෙ‍ලෙස නිවාස 50,000කට පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතැයි සඳහන් කර ඇත.

අද හා හෙට දින දෙක තුළ තවදුරටත් දැඩි සුළං තත්ත්වයන් බලපෑ හැකි බැවින් විදුලි රැහැන් පද්ධතියට කිසියම් හානි සිදුවීමක් වාර්තා වුවහොත් ඒවා ද යථා තත්ත්වයට පත් කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස් ඒ සඳහා පැය 24 පුරා සීරුවෙන් තබා ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post