News Line| Off Air
Generic placeholder image

May
18

මහ මැතිවරණ දිනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙටට කල්යයි

714 Views


මහ මැතිවරණ දිනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙටට කල්යයි

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලීම හෙට(19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබෙනවා.

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවනු ලැබුවා.

අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් නීතීඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ද ගොනුකර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post