නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගැඹුරු නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල ධීරව හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙසට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි දැනුම්දීමක් කර තිබෙනවා.
පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම ගිණිකොණදිග සහ යාබද නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප‍්‍රදේශ වලට විටින් විට පැයට කිලෝමීටර් 200 දක්වා වන ප‍්‍රහාරාත්මක සුළං ද බලපා හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
එමෙන්ම ඉදිරි පැය 48 තුළදී දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.