News Line| Off Air
Generic placeholder image

May
18

නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් 22 ක් නිරෝධායනය අවසන් කරයි

688 Views


නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් 22 ක් නිරෝධායනය අවසන් කරයි

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද(18) එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා.

මෙම නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 22 ක් මෙලෙස අද ඉන් පිටව ගිය අතර මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කර තිබෙනවා.

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කර යවනු ලැබුවද තවදුරටත් ඔවුන් විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් මෙහිදී එම පිරිස දැනුවත් කර ඇති අතර මේ වන විට මන්නාරම, නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයෙහිද නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් සියළු දෙනා තම නිවෙස් බලා පිටත්ව ගොස් අවසන්.


News Articles
Latest Videos
Most Popular Post