News Line| Off Air
Generic placeholder image

May
18

විදේශ නාවික ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට ජනපතිගේ අවධානය

1392 Views


විදේශ නාවික ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට ජනපතිගේ අවධානය

කොවිඩ් 19 වසංගතයත් සමඟ ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

දකුණු මුහුදු තීරය ඔස්සේ නැගෙනහිරට සහ බටහිරට යාත්‍රා කරන නැව්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ගාල්ල වරායෙන් දිවයිනට ඇතුල්වීමට සහ ඉන් පිටවීමට ඇති ඉඩ කඩ ද විමර්ශනය කෙරෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක නියෝජිතයන් සමග අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව සදහන්.

ගාල්ල වරායට නාවික සැතපුම් 10ක් ඈතින් මුහුදු තීරයේ වෙළෙද නැව් 300 කට අධික සංඛ්‍යාවක් දිනපතා යාත්‍රා කරන බව සමාගම් නියෝජිතයෝ පෙන්වා දුන්නා.

එම නැව්වල සේවයේ නිරත සෙසු රටවල කාර්ය මණ්ඩලවලටද ශ්‍රී ලංකාවේ සිට සිය රටවලට ගමන් කිරීමට පහසුකම් සැලසීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රවර්ධනයට ද මෙය ඉවහල් කරගත හැකි බවයි ජනාධිපතිතුමා සදහන් කළේ.

ගාල්ල වරාය “ගෝලීය කාර්ය මණ්ඩල හුවමාරු කේන්ද්‍රයක්” (ඝ්ලොබල් cරෙව් එxචන්ගෙ හුබ්) ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව වැඩසටහන ක්‍රියාවට නැංවීමේ හැකියාව ගැන සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ලෝක නාවික ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය ලක්ෂ 16ක්.

ශ්‍රි ලාංකිකයන් 16,000ක් දෙනාද ඊට අයත්. ඔවුන්ගේ සංඛ්‍යාව මුළු පිරිසෙන් 1% ක්.

ඔවුන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් රටට උපයා දෙන අතර මෙම පිරිස දෙගුණයකින් වැඩි කිරීමෙන් විදේශ විනිමය ආදායම ද දෙගුණ කළ හැකි බව ජනාධිපතිතුමා පැවසුවා.

ගුණාත්මක අගයෙන් ඉහළ සේවාවක් සැපයීමේ හැකියාව පිළිබඳ විශ්වාසය ලෝක නාවික සමාගම් හමුවේ තහවුරු කිරීමෙන් ශ්‍රී ලාංකිකයින්ට විදේශ නෞකාවල රැකියා අවස්ථා දිගුකාලීනව වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු සහ මෙරට ප්‍රධාන පෙළේ නාවික සමාගම් කිහිපයක ප්‍රධානීහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post