News Line| Off Air
Generic placeholder image

May
19

කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 209ක්

757 Views


කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 209ක්

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කළ පී.සී.ආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු අයි.ඩී.එච් රෝහලෙහිද, දෙදෙනෙකු හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ(18) එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 05 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 209ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.


News Articles
Latest Videos
Most Popular Post