News Line| Off Air
Generic placeholder image

May
20

ඊයේ වාර්තා වූ ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින්

956 Views


ඊයේ වාර්තා වූ ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින්

ආසාධිතයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී අලුතින් හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ හදුනාගත් එම ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 586 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙනවා.

මෙරට කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයින් අතරින් 569 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර එයින් 209 ක් නාවික හමුදා සාමාජිකයින් වනවා.

ආසාධිතයින් 445 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post