News Line| Off Air
Generic placeholder image

May
20

ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

803 Views


ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,015,676ක් වන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල වූ අතර ලොව පුරා පළමු ආසාදිතයින් මිලියනය වාර්තාවීමට පසුගිය දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස 01 වැනිදා දක්වා මාස 03 කට අධික කාලයක් ගත වුණා.

දෙවන ආසාදිතයින් මිලියනය වාර්තාවීමට දින 12ක කාලයක්, තෙවන මිලියන සඳහා දින 12ක කාලයක් සිව්වන මිලියනය සඳහා දින 13ක කාලයක් ගත වී තිබූ අතර ආසාදිතයින් පස්වන මිලියනය වාර්තාවීමට ගතව තිබුණේ දින 10ක කාලයක් පමණයි.

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයට එම වෛරසයෙන් සිදුවූ බලපෑමට වඩා වැඩි බලපෑමක් මේ වන විට රටවල් රැසකට සිදුව ඇති අතර වැඩිම බලපෑම එල්ල වී ඇති අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහලොස් ලක්ෂ 71,000 ඉක්මවනවා.


News Articles
Latest Videos
Most Popular Post