News Line| Off Air
Generic placeholder image

May
22

දිස්ති‍්‍රක්ක 07 කට නාය යාම් අනතුරු ඇගවීම්

834 Views


දිස්ති‍්‍රක්ක 07 කට නාය යාම් අනතුරු ඇගවීම්

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

ගාල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, නුවර සහ නුවරඑළිය යන දිස්ති‍්‍රක්ක වලට මෙලෙස නාය යාම් පිලිබද අනතුරු අගවා තිබෙනවා.

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

ඒ අනුව නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි වැටිමේ හා පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ ජනතාවට විමසිලිමත් වන ලෙස නිවේදනය කර තිබෙනවා.

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි ‘අම්ෆන්’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගලයින් 84 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

‘අම්ෆන්’ සුළිකුණාටුවේ බලපෑම මේවන විට දිවයිනෙන් බැහැරට ගමන් කළත්, අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි අතර ඌව පළාතේද ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post