News Line| Off Air
Generic placeholder image

May
22

පාසල් යළි විවෘත කරන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුයි

3883 Views


පාසල් යළි විවෘත කරන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුයි

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

කෙසේ වෙතත් පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(22) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post