News Line| Off Air
Generic placeholder image

May
22

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මස තෙක් දීර්ඝ කරයි

930 Views


තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මස තෙක් දීර්ඝ කරයි

තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසනවා.

කෙසේවෙතත් වෛරස ව්‍යාප්තිය වලක්වාලීම සඳහා පනවනු ලැබූ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඔවුන් සදහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි මාසය දක්වා දීර්ඝ කර ඇති අතර එරට පාසල් ජූලි මාසයේදී නැවත විවෘත කිරීමට නියමිතයි.

දැනටමත් තායිලන්තයේ සාප්පු සංකීර්ණ සහ වෙළදසැල් විවෘත කර කළද මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩාංගණ විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post