News Line| Off Air
Generic placeholder image

May
24

අද සහ හෙට දිවයිනටම ඇඳිරි නීතිය

627 Views


අද සහ හෙට දිවයිනටම ඇඳිරි නීතිය

දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඊයේ(23) රාත්‍රී 8.00 සිට ඇදිරි නීතිය පැනවු අතර එය ලබන අඟහරුවාදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එදින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේ පමණක් සියළු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව සියළු දිස්ත්‍රික් සදහා ලබන අඟහරුවාදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා පමණක් ක්‍රියාත්මකයි.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු මස 20 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් පසු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සදහා ඇඳිරි නීතිය මීට පෙර ලිහිල් කෙරුණේ එක් අවස්ථාවකදී පමණයි.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ද ලබන අඟහරුවාදා සිට අවසර හිමි වනවා.

එබැවින් අන්තර් පළාත් බස් සේවාවන් අගහරුවාදා සිට ආරම්භ කිරිමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post