News Line| Off Air
Generic placeholder image

May
24

අද සහ හෙට සියලු සුරාසැල් වසා දමයි

853 Views


අද සහ හෙට සියලු සුරාසැල් වසා දමයි

අද සහ හෙට දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද සහ හෙට දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එලෙස වසා තැබීමට තීරණය කළ බවය.

ඒ අනුව කොළඹ සහ ගම්පහ ඇතුළුව දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබනු ඇති.

පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ විවෘතව තබන සුරා සැල් සොයා වැටලීම් සිදු කරන බව ද සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post