ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සදහන් කළේ, සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවයි. කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කරන බව ඒ මහත්මිය පැවසීය.