කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අන්තර් පළාත් බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.
බස් රථ වල ගමනාන්තය පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ සඳහන් කළ යුතු බවත් බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.