News Line| Off Air
Generic placeholder image

May
25

මෙරට කොරෝනා 10 වන මරණයත් වාර්තා වෙයි

952 Views


මෙරට කොරෝනා 10 වන මරණයත් වාර්තා වෙයි

මෙරට දසවන කොරෝනා මරණය වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවකි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණි පයාගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ් මරණ ගණන 10 දක්වා ඉහළ යනු ලබයි.

අදාළ කාන්තාව හෘද රෝගයෙන් පෙළුණු තැනැත්තියක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

එම කාන්තාවගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඇය කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post