දිවයින ආසන්නයේ පහල වායුගෝලය කැළඹිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් එමෙන්ම දිවයින වටා තද සුළං පැයට කිලෝමීටර 70-80 දක්වා ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.