අද සිට රට පුරා ඇදිරි නිතිය ලිහිල් කලද සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කරනවා. හැකිතාක් සේවකයින් සිමා කර රැකියාවට කැඳවීමට අදාල ආයතන ප්‍රධානීන්ට අවසර තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරනවා.
රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම තව දුරටත් කල හැකි වන්නේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කිරීමෙන් බවයි ඒ මහතා පවසන්නේ.