News Line| Off Air
Generic placeholder image

May
26

කොරෝනා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම් අත්හිටුවයි

691 Views


කොරෝනා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම් අත්හිටුවයි

කොවිඩ් නයින්ටීන් වෛරසට ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් නමැති ඖෂධය අත්හදා බැලීම් කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් ඊයේ දිනයේ මේ බව දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් ඖෂධය සුදුසු බවට මේ වන තෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බව ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් හයිඩ්රොක්සික්ලෝරීන් ඖෂධය කොවිඩ් වෛරස ආසාදිතයින් සඳහා ලබා දීම සුදුසු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශයක් සිදුකර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post