News Line| Off Air
Generic placeholder image

May
27

පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට සුළු තුවාල

1565 Views


පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකුට සුළු තුවාල

පේදුරුතුඩුව – වල්ලිපුරම් – බෝගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධයක් අසළ සිදුවූ සුළු පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා තිබෙනවා.මේ සම්බන්දව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ වැලි ප්‍රවාහනය කරන රථ පරීක්ෂා කිරීම සඳහා යොදා තිබූ පොලිස් මාර්ග බාධයක් අසළ අද උදෑසන මෙම පිපිරිම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, පිපිරීම සිදුවූ ස්ථානයට මේ වන විට බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවා ඒ පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.අදාළ පිපිරීම සහ වැලි ජාවාරම්කරුවන් අතර යම් සම්බන්ධයක් ඇත්ද යන්න සම්බන්ධයෙන් පේදුරුතුඩු පොලීසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post