News Line| Off Air| Games
Generic placeholder image

May
29

මැතිවරණ කොමිසමෙන් රජයේ මුද්‍රණාලයට දැනුම්දීමක්

644 Views


මැතිවරණ කොමිසමෙන් රජයේ මුද්‍රණාලයට දැනුම්දීමක්

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්නැයි, මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දන්වයි

මහ මැතිවරණය සඳහා අවශ්‍ය කරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් වන්නැයි, ජාතික මැතිවරණ කොමිසම දැන්වූ බව රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, නාම යොජනා භාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට භාර දෙන බවයි.

කෙසේ වෙතත් ඇති වූ වසංගත තත්ත්වයත් සමග එය සිදු නොකෙරුනු බව ඇය සඳහන් කළා ය.

මැතිවරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් නිරාකරණය වූ වහාම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද මුද්‍රණාලයාධිපතිනිය පැවසුවා ය.මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මිලියන 17 ක් පමණ මුද්‍රණයට කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post