රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.
මේ අතර මැයි මස 17 වන දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය.
මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන අතර වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ගොඳුරු වී ඇතැයි ඔවුන් පවසයි.