News Line| Off Air
Generic placeholder image

May
30

වෙඩි වැදුණු මොරටුව අවන්හල අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

1298 Views


වෙඩි වැදුණු මොරටුව අවන්හල අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

රාජකාරී පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට පසුගියදා කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් අනතුරුව එම අවන්හලේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබුණි.

එහෙත් ආරක්ෂාව යොදවා තිබියදී ද ඊයේ(29) අළුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම අවන්හලට වෙඩි තබා පලාගොස් තිබුණි.

එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අදාල පොලිස් නිලධාරීන් තිදෙනා සිය රාජකාරී කටයුතු පැහැර හැර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post