News Line| Off Air
Generic placeholder image

Jun
2

විරෝධතාවන්ට අනතුරු අගවමින් සැඟවී සිටි බංකරයෙන් ජනපති ට්‍රම්ප් එලියට

806 Views


විරෝධතාවන්ට අනතුරු අගවමින් සැඟවී සිටි බංකරයෙන් ජනපති ට්‍රම්ප් එලියට

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව ධවල මන්දිරය එදිරිපිට දැවැන්ත විරෝධතා රැළියක් පවැත්වෙන අතර තත්වය පාලනය කිරීමට එරට පොලිසිය ඉතා දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වෙනවා. මේ අතර ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ පිහිටි භූගත ආරක්‍ෂිත බංකරයකට රැගෙන යාමට ආරක්ෂක අංශ හට සිදුවු අතර කෙසේ වෙතත් මේ වන විට ජනපතිවරයා එම බංකරයෙන් එලියට පැමිණ ධවල මන්දිරයේ සිට ශාන්ත ජෝන් දේවස්ථානය වෙත පාගමනින් ගමන් කර තිබෙන ජයා රූප පෙළක් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර කරන්නේ ” මමයි ඔබේ නීතිය හා සාමය පිලිබඳ ජනාධිපති. නගරාධිපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරිමට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. යම් ප්‍රාන්තයක හෝ නගරයක ජිවත් වන ජනතාවගේ ජිවිත හෝ දේපළ ආරක්ෂා කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මම හමුදාව යොදවා ඉක්මනින්ම ගැටළුව විසඳා දීමට අවශ්‍ය පියවර ගන්නවා” යනුවෙනි


News Articles
Latest Videos
Most Popular Post