News Line| Off Air
Generic placeholder image

Jun
2

මැතිවරණ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

656 Views


මැතිවරණ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ, ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලීමේ තීරණය ප්‍රකාශයට පත් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් සළකා බැලීම ඊයේ 10වැනි දිනටත් සිදු වූ අතර එහිදී පෙත්සම් විභාගයට ගන්නවා ද?, නැද්ද? යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කෙරිණ .

පෙත්සම සළකා බැලුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේයී.


News Articles
Latest Videos
Most Popular Post