News Line| Off Air
Generic placeholder image

Jun
4

පිළිකා රෝගීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමට වැඩපිළිවෙළක් හලාවත රෝහලෙන්

836 Views


පිළිකා රෝගීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමට වැඩපිළිවෙළක් හලාවත රෝහලෙන්

පිළිකා රෝගීන් නිවසේ සිටියදීම අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් හලාවත මහ රෝහලේ පිළිකා ඒකකය විසින් ආරම්භ කර තිබෙනවා.

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් සිදු කරන පළමු වැඩසටහන මෙය බවයි.

හලාවත මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර සායනයට දිනකට රෝගීන් 40 – 50 ත් අතර පිරිසක් පැමිණෙන බවත්, නව වීඩියෝ පරීක්ෂා කිරීම් තුළින් එලෙස පැමිණෙන රෝගීන් ප්‍රමාණය අවම කර ගත හැකි බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින කොරෝනා වෛරස් තත්ත්වයත් සමග පිළිකා රෝගීන් මුහුණ දෙන අවදානම සළකා මෙම වැඩසටහන ආරම්භ කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post