News Line| Off Air
Generic placeholder image

Jun
5

මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ

1196 Views


මෙම  වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ

ඡායා චන්ද්‍රග්‍රහණයක් වන මෙය රාත්‍රි 11.15 ට ආරම්භ වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

පසුදින අලුයම 2.34 වන තුරු දර්ශනය වේ.

ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ, සූර්ය්‍යා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛාවක නොපිහිටා, අසම්පූර්ණ ලෙස පෙළ ගැසී ඇති විටකදීයි.

මෙම ඡායා චන්ද්‍රග්‍රහණයේදී පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණවලදී මෙන්, අදුරු සෙවනැල්ලකින් වැසී නොපෙනෙන නමුත්, චන්ද්‍රයාගේ දීප්තිය තරමක් අඩු වී දිස්වනු ඇති.

ශ්‍රී ලංකාවට අමතරව මෙම ඡායා චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවල් රැසකට සහ ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව ඇතුළු කලාප රැසකට දිස්වන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මේ වසරේ ශ්‍රී ලංකාවට ග්‍රහණ 6 ක් දිස්වීමට නියමිත අතර, ඒ ඡායා චන්ද්‍රග්‍රහණ 4 ක්, වළයාකාර සූර්ය්‍ය ග්‍රහණයක් සහ පූර්ණ සූර්ය්‍යග්‍රහණයක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post