News Line| Off Air
Generic placeholder image

Jun
5

ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

630 Views


ජනපති ගෝලීය එන්නත් සමුළුව අමතයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ගෝලීය එන්නත් සමුළුව වීඩියෝ තාකෂණය ඔස්සේ අමතමින් සදහන් කලේ ශ‍්‍රී ලංකාවේ උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප‍්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප‍්‍රස්ථා සලසා ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශී‍්‍ර ලංකාව විශ්වාසය තබා තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවදාරණය කළා. විශේෂයෙන්ම එන්නත් මිලදී ගැනීම ඇතුළු ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කරන බවද වැඩිදුරටත් සදහන් කළා.

රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ පිරිසක් මෙම සමුළුවට විඩියෝ තාක්ෂණ ඔස්සේ ඊට සහභාගී වී සිටි බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post