මාරාන්තික කොරෝනා වෛරසය සම්පුර්නයෙන්ම තුරන් කල රටවල් අතරට පැසිෆික් කලාපයේ දූපතක් වන ෆිජි දූපත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම ජයග්‍රහණය පිලිබදව එරට අග්‍රාමාත්‍ය ෆ්‍රෑන්ක් බයිනිමාරාම ප්‍රකාශ කරන්නේ වෛරසයට එරෙහිව කැපවීමෙන් කටයුතු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම හේතුවෙන් කොවිඩ් සම්පුර්ණයෙන්ම සිය රටින් තුරන් කිරීමට හැකි වූ බවයි.
පසුගිය මාර්තු මාසයේදී එරටින් පළමු ආසාදිතයා හදුනාගැනුණු අතර ෆිජි දූපතෙන් හදුනාගත් වෛරස ආසාදිතයින් ගණන 18 ක් වූ අතර ඔවුන් සියළු දෙනාම මේ වන විට සුවය ලබා තිබෙනවා.