News Line| Off Air
Generic placeholder image

Jun
6

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය එළඹෙන සදුදා සිට

713 Views


බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය එළඹෙන සදුදා සිට

දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බව නාගරික රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව උදෑසන 0.600 සිට 9.00 දක්වාත් පස්වරු 04.00 සිට රාත්‍රී 07.00 දක්වාත් මෙම නීතිය ක්‍රියාත්මක වෙයි.

සෙසු මාර්ගවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මීට පෙර බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වූ අතර එම මංතීරුවේ ධාවනය කිරීමට හැකියාව පැවතුණේ පෞද්ගලික බස්රථ සඳහා පමණයි.

කෙසේවෙතත් නව ක්‍රමවේදය ඔස්සේ කාර්යාල ප්‍රවාහන පහසුකම් සලසන බස් සහ වෑන් සඳහා ද මෙම මංතීරුවේ ධාවනය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය.


News Articles
Latest Videos
Most Popular Post