News Line| Off Air
Generic placeholder image

Jun
7

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1814ක් දක්වා ඉහළට

594 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1814ක් දක්වා ඉහළට

ඊයේ රාත්‍රී 8.30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් සිව්දෙනා සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 912 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post