මෙවර උසස් පෙළ විභාගය සඳහා තවමත් දින නියම කර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගයට දින නියම කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.