News Line| Off Air
Generic placeholder image

Jun
7

එංගලන්තයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

816 Views


එංගලන්තයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

අද (07) අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය, කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරුණි.

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් හතරක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post